hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:26



මෙම දිනවල වඩාත් කතාබහට ලක්වන, ACPOSL වෙතින් ක්‍රියාත්මක වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා වන ‘පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය’ ක්‍රියාත්මක නොවන බවත්, තමා මැදිහත්ව එම සංගමයේ සභාපතිවරයා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ බවත් ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා පවසනවා.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, තමන් ACPOSL හි සාමාජිකයෙකු නොවන බවත් තමන් පෙනී සිටින්නේ ගායක ගායිකාවන්ගේ කතෘභාග වෙනුවෙන් වන ‘OSCA’ ආයතනය වෙනුවෙන් වන බවයි.

මේ අතර අදාළ බලපත්‍ර ක්‍රමවේදය සම්බන්ධයෙන් ACPOSL ආයතනය මඟින් ද සමාජ මාධ්‍ය සටහනක් තබමින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ, සාකච්ඡා කිහිපයකින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන බලපත්‍ර ක්‍රමවේදයේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමටත්, මෙම අවස්ථාවේදී ඇතැම් බලපත්‍ර ගාස්තු කාණ්ඩ අය නොකිරීමටත් ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙම සංශෝධන පිළිබඳ සම්පූර්ණ විස්තර හෙට (24) නිකුත් කිරීමට නියමිත නිල මාධ්‍ය නිවේදනය මඟින් දැනුම් දෙනු ඇති බවත් එහි සඳහන්.

එම සම්පූර්ණ සටහන් පහත පරිදි වේ…..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: