2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:29
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් තව දුරටත් පුළුල් කරමින් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්චාවක් සිදුවිය.
මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත “සුභග”, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදු කළ යුතු වෙනස්කම් හා අදාළ දීමනා සිසුසිසුවියන් වැඩි පිරිසකට ලබාදීමටත් හැකිවන පරිදි ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්චා වී ඇත.
මෙම සාකච්චාව මගින් ලබන වසරේ සිට “සුජාත දියණි” සහ “තාක්ෂණවේදය” ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1500ක් දක්වාත්, ලබා දෙන ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය 950 සිට 1000 දක්වාත් වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම ගැන සාකච්චා කර ඇත.
වැඩිදුරටත් තීරණය වී ඇත්තේ සිසු සිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටයි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) ඩබ්.ඒ. නීලිකා පෙරේරා, ප්‍රධාන මූල්‍ය නිලධාරි ඒ.එස්.ඩී. අළුත්ගේ, අධ්‍යාපන අධ්යක්ෂ (පාසල් කටයුතු) එන්.ජී.එස්. සිරිවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:06
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26