2026 සැප්තැම්බර් 30, ප.ව. 2:35
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව වාර්තා වුණා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කරනු ලැබූ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණි.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
2026 සැප්තැම්බර් 30, ප.ව. 2:06
2026 සැප්තැම්බර් 30, ප.ව. 2:01
2026 සැප්තැම්බර් 30, ප.ව. 1:19
2026 සැප්තැම්බර් 30, ප.ව. 1:13
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:18