2026 සැප්තැම්බර් 17, ප.ව. 10:08
ජනසතු සේවා ලීග් ක්රිකට් තරඟාවලිය 2026 අවසන් මහා තරඟය රත්මලාන ජනසතු සේවා ක්රිකට් ක්රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි. එහිදි ලංකා බැංකු කණ්ඩායම ලකුණු 125කින් පරාජය කරමින්, දෙවන කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මහජන බැංකු ක්රිකට් කණ්ඩායම සමත් විය.
මහජන බැංකු කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 210 ක් ලබාගත් අතර, සහන් හර්ෂණ ලකුණු 45ක් සහ කසුන් ගුණරත්න ලකුණු 40ක් බැගින් වාර්තා කළහ. ලංකා බැංකුවේ නාලක ධර්මකීර්ති ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ඇරඹූ ලංකා බැංකු කණ්ඩායම ලකුණු 85 කට සීමා කිරීමට මහජන බැංකුවේ පන්දු යවන්නන් සමත් වූහ. මෙහිදී ලංකා බැංකුව වෙනුවෙන් කාලිංග කුමාර ලකුණු 38 ක් ලබා ගත් අතර, මහජන බැංකු කණ්ඩායමේ පියුෂාන් ඉරුක ලකුණු 13 කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.
මෙහි සමාරම්භක අවස්ථාවට මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/ සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ලංකා බැංකුවේ නියෝජ්ය මහා කළමනාකාර (ශාඛා මෙහෙයුම්) ප්රියල් ද සිල්වා, මහජන බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී (මානව සම්පත්) මංජුල දිසානායක යන මහත්වරුන්, නියෝජ්ය සාමාන්යාධිකාරිනි (බැංකු සහය සේවා) ඉඳුමිණි රත්නායක මහත්මිය ජනසතු සේවා ක්රිකට් සංගමයේ ප්රධාන ලේකම්වරයා සහ නිලධාරි මණ්ඩලයද සහභාගි විය.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:01
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 11:47
2026 ඔක්තෝබර් 14, ප.ව. 12:19
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:17
2026 ඔක්තෝබර් 13, ප.ව. 12:06