hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 13, ප.ව. 12:06



සඳුදා දිනයට සාපේක්ෂව අද (13) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වෙනස්කම් සහිතව ස්ථාවර මට්ටමක පවතී.

ඒ අනුව, බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 336ත් අතර පරාසයක පවතී. සෙලාන් බැංකුවේ (Seylan Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.50 සිට රු. 326.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 335.75 සිට රු. 336.00 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.40ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 335.40ක් ලෙසත් නොවෙනස්ව පවතී. මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතිකය රු. 326.82ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 334.92ක් ලෙසත් ස්ථාවරව පවතී.

එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 324.84ක් වන අතර, විකුණුම් අනුපාතිකය රු. 334.75ක් ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 327.00ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 335.00ක් ලෙසත් තවදුරටත් ස්ථාවර මට්ටමක පවතී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: