hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:05



සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්ව විසින් පතුරුවනු ලබන පදනම් විරහිත ප්‍රචාරවලට බිය වී අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගෙන රැස්කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි කලබලකාරී හැසිරීම් හේතුවෙන් පවතින ගැටලුකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බවයි.

එබැවින් පාරිභෝගිකයින් සිය දෛනික අවශ්‍යතාවට පමණක් සරිලන පරිදි ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පවතින අර්බුදකාරී වාතාවරණය සමනය වන තෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අඛණ්ඩව ඉන්ධන සැපයීමේ පූර්ණ හැකියාව පවතින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, කිසිදු අයුරකින් රට තුළ ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට රජය ඉඩ නොතබන බවටද ජනතාවට සහතික විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: