hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:51



අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (13) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්තාවේදී ශිරන්ති රාජපක්ෂව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැත.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසා කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවත් ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමක් සිදු කිරීමට නියමිත බව පවසමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේය.

එහෙත්, එවැනි සැත්කමක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වාදී ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇය ඇතුළත් කර ඇති බව මිස ඇයගේ රෝග තත්ත්වය හෝ ඇයව ශල්‍යකර්මයකට භාජනය වෙන බවක් වාර්තා වී නොමැති බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතද යන්න පිළිබඳව නිශ්චිත වෛද්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබාදීම සඳහා නඩුව අද පස්වරු 2.00 දක්වා කල් තැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: