2026 ඔක්තෝබර් 15, ප.ව. 5:27
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබේ.
පාගමනේ හයවැනි දිනය වන අද (15) කඩවතින් ආරම්භ කළ පාද යාත්රාව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණියේය.
පාද යාත්රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පාද යාත්රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර මාර්ගයේ ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවය.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් පසුගිය 10 වැනිදා මෙම පාද යාත්රාව ආරම්භ කෙරිණි.
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:52
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:28
2026 ඔක්තෝබර් 15, ප.ව. 6:11
2026 ඔක්තෝබර් 15, ප.ව. 4:18
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32