hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2026 ඔක්‍තෝබර් 21, පෙ.ව. 10:37



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාර කර, මහා සංඝරත්නයේ බලවන්තභාවය පිළිගෙන, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසුවහොත් පමණක් උන්වහන්සේට පිරිත් පැන් දී පිරිත් නූලක් ගැටගැසීමට කටයුතු කරන බව බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ.

උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, ජනාධිපතිවරයා පැමිණ “අනේ හාමුදුරුවනේ අපිට සමාවෙන්න, අපි හිතුවේ නෑ මහා සංඝරත්නය මෙච්චර බලවත් කියලා… මගේ අතින් වැරැද්දක් වුණා, ඥාණසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න කටයුතු කරනවා” යැයි ප්‍රකාශ කළහොත් පමණක් පිරිත් පැන් දී පිරිත් නූලක් අතේ ගැටගැසීමට සූදානම් බව සඳහන් කර ඇත.