hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2026 ඔක්‍තෝබර් 21, පෙ.ව. 11:52



පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය පවසන්නේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

දැනටමත් මෙරටට ගෙන්වා තිබූ තිරිඟු පිටි තොග සඳහා ද මිල ඉහළ දැමීම ගැටලුකාරී තත්ත්වයක් ඇති කර තිබෙන බවත් මෙම තත්ත්වය හමුවේ ආපනශාලා හිමියන්ට සිය නිෂ්පාදනවල මෙසේ මිල සංශෝධනය කිරීමට සිදුවන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.