hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 22, ප.ව. 4:50



48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් විසින් ප්‍රකාශ සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

එමනිසා පාරිභෝගිකයින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට වගබලා ගත හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසු වුවහොත්, ඒ සඳහා පොලිසිය විසින් නීතිමය පියවර ගනිමින් දඩ නියම කිරීමට ඉඩ ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.