2026 ඔක්තෝබර් 22, ප.ව. 5:19
මුලතිව් දිස්ත්රික්කයේ කෙප්පාපිලව් ප්රදේශයේ ආරක්ෂක අංශ විසින් පරිහරණය කළ අක්කර 6.97ක පමණ ඉඩම් ප්රමාණයක් අද ( 21) නිල වශයෙන් මහජනතාවගේ පරිහරණය සඳහා නිදහස් කෙරිණි.
ඒ අනුව, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන සේනාංකයේ නිලධාරීන් විසින් අදාළ ඉඩම් මුලතිව් දිස්ත්රික් ලේකම් ඒ. උමාමහේෂ්වරන් මහතා ඉදිරිපිට මුහුදුබඩපත්තු ප්රාදේශීය ලේකම්වරිය වෙත නිලවශයෙන් භාරදීම සිදු කෙරිණි.
ජාතික ආරක්ෂාව සඳහා අත්යවශ්ය වන ඉඩම් හැර, උතුරු අර්ධද්වීපයේ මීට පෙර ආරක්ෂක අංශ සතුව පැවති රජයේ ඉඩම් මහජනතාවගේ ඵලදායී භාවිතය සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ අඛණ්ඩව දරන උත්සාහයේ තවත් එක පියවරක් ලෙස මෙම ඉඩම් මුදා හැරීම හැඳින්විය හැකිය.
මුලතිව් දිස්ත්රික් ලේකම්වරයා විසින් මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් ආරක්ෂක අමාත්යාංශය, ශ්රී ලංකා යුද්ධ හමුදාව, 59 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා, අනෙකුත් ආරක්ෂක අංශ සහ අදාළ රාජ්ය නිලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කළේය.
2026 ඔක්තෝබර් 22, ප.ව. 5:21
2026 ඔක්තෝබර් 22, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:54
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 7:20
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:19