hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:23



කෘෂිකර්ම හා පශු සම්පත් සම්පත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය, “වර්තමානයේ අපගේ ස්ථාවරය වන්නේ සමස්ත රාජ්‍ය සේවයම ශක්තිමත් කිරීමයි.

දැනට අපගේ රාජ්‍ය සේවය පවතින්නේ දුර්වල තත්ත්වයක ය. ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන අතර, බොහෝ පුරප්පාඩු පවතී.

මෙම පුරප්පාඩු පිරවීම සඳහා අපි බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත්තෙමු. අපි ක්‍රමයෙන් සියලු පුරප්පාඩු පුරවා, රාජ්‍ය සේවයට අවශ්‍ය සේවක සංඛ්‍යාව සම්පූර්ණ කරන්නෙමු.

එපමණක් නොව, අපි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නංවන්නෙමු. මීට අමතරව, අනාගතයේදී වෙනත් පහසුකම් සහ දීමනා වැඩි කිරීමට ද පියවර ගන්නෙමු.

මන්ද, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමකින් තොරව අප රටේ සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බැවිනි. රජය, රාජ්‍ය සේවය සහ ජනතාව එක්ව, ශක්තිමත්ව කටයුතු කළහොත් පමණක් රට ගොඩනැගිය හැකිය. අතීතයේදී රාජ්‍ය සේවය දුර්වල වී තිබුණි. එය නැවත ශක්තිමත් කිරීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව” ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: