hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:22



අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළ ගොස් ඇති බවයි. ඉන්දියාවෙන් මෙරටට වියළි මිරිස් ආනයනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය වියළි මිරිස් මිල ඉහළ යෑමට හේතු වී ඇති බව එම සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් සඳහන් කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පසුගියදා ප්‍රකාශ කළේ නියමිත ප්‍රමිතියට නොමැති බව පවසමින් ආනයනික වියළි මිරිස් කන්ටේනර් 100කට වැඩි ප්‍රමාණයක් රේගුවේ රඳවා තිබෙන බවයි.

එමෙන්ම ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් ප්‍රතික්ෂේප කර ඇති මෙම කන්ටේනර් නියමිත ප්‍රමිතියෙන් තොර බැවින් මෙරට වෙළඳපොලට මුදා නොහරින අතර නැවත ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් කියා සිටියේ මෙම තත්වය හමුවේ ඉන්දියාවේ වෙළෙඳ සංගම් මෙරටට වියළි මිරිස් අපනයනය කිරීම නතර කර ඇති බවයි.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළේ මේ වනවිට වියළි මිරිස් මිල කිලෝවක මිල රුපියල් 1300ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස් .විනායග සුන්දරම් කියා සිටියේ පවතින එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ආනයනික අර්තාපල් සහ බී ඵෑණු මිළද සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: