2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
නොවැම්බර් පළමුවැනිදා (01) ඉඳන් රටේ මූල්ය සහ එදිනෙදා වැඩකටයුතු රැසකට අදාළව අතිශය තීරණාත්මක වෙනසක් සිදුවෙන්න නියමිතයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ලබන නොවැම්බර් 01 වන දා සිට ක්රියාත්මක වන පරිදි ප්රධාන පෙළේ මූල්ය සහ නීතිමය ගනුදෙනු රැසක් සඳහා වලංගු TIN සහතිකය (Taxpayer Identification Number Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බවයි.
ඔබ නොදැනුවත්ව ගිහින් රස්තියාදු වෙන්න කලින්, TIN සහතිකය නැතුව කරගන්න බැරිවෙන වැඩ මොනවද කියලා මෙන්න දැනගන්න:
නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ක්රෙඩිට් කාඩ්පත් (Credit Cards) ඉල්ලුම් කිරීම
වාහන ලියාපදිංචි කිරීම සහ වාහන වාර්ෂික ආදායම් බලපත්ර අලුත් කිරීම
ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම
සමාගම් කොටස් පැවරීමේ කටයුතු
මෙම පියවර මඟින් මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කිරීමටත්, රට තුළ සිදුවන මූල්ය ගනුදෙනු ඉතා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් අංශ පෙන්වා දෙන්නේ.
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11