2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
පියයුරු පිළිකා රෝගයේ ප්රධාන ලක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ශල්ය වෛද්ය නදින්ද මුණසිංහ මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා.
ඊයේ (30) මාධ්ය නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පියයුරෙහි ගැටිත්තක් ඇතිවීම, කිහිලි ප්රදේශයේ ගැටිති මතුවීම, පියයුරුවල ප්රමාණය වෙනස්වීම, පියයුරේ සම ඉදිමීම හෝ ඇතුළට ඇදී යාම සහ පියයුරෙන් ලේ සහිත ශ්රාවයක් පිටවීම ඒ අතර ප්රධාන වන බවයි.
කෙසේ වෙතත්, පියයුරුවල ඇතිවන ගැටිතිවලින් සියයට 99ක් පමණ පිළිකා නොවන ගැටිති බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මෙරට කාන්තාවන් පියයුරු පිළිකා සම්බන්ධයෙන් යම් දැනුවත්භාවයක් ලබා සිටියද, සමාජයේ පවතින බිය සහ දුර්මත හේතුවෙන් ප්රතිකාර සඳහා යොමුවීමට ඇතැම් කාන්තාවන් පසුබට වන බවද වෛද්යවරයා සඳහන් කළා.
ප්රතිකාර හේතුවෙන් හිසකෙස් අහිමිවීම, ශල්යකර්මවලදී පියයුරු ඉවත් කිරීමට සිදුවීම සහ රෝගය නැවත ඇතිවීම පිළිබඳ බිය ඒ අතර පවතින බව ඔහු පෙන්වා දෙනවා.
එවැනි බිය හේතුවෙන් ඇතැම් කාන්තාවන් විද්යාත්මකව තහවුරු නොකළ ප්රතිකාර ක්රම වෙත යොමුවන අතර, ඒ හේතුවෙන් නිසි ප්රතිකාර ලබාගැනීම ප්රමාද වන බවද වෛද්යවරයා වැඩිදුරටත් කියා සිටියා.
රෝගය කල්තියා හඳුනාගෙන නිසි වෛද්ය ප්රතිකාර සඳහා යොමුවීම තුළින් පියයුරු පිළිකා සාර්ථකව පාලනය කරගැනීමට හැකි බවද විශේෂඥයින් අවධාරණය කර තළා.
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:11
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26