2026 නොවැම්බර් 03, පෙ.ව. 12:10
සමාජ සුභ සාධනය සඳහා නීති හා අණපනත් ඉදිරිපත් කරන විට ඇතැම් සංවිධානාත්මක පිරිස් රජයට එරෙහිව තැන තැන හඬ නගන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
පොදු ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාධාරණත්වය තහවුරු කරන ලෙස වුවත්, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා රජයට එරෙහි විරෝධතා සංවිධාන කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව මධ්‍යම සහ සබරගමු පළාත් සම්මාන උළෙල මහනුවර කරළිය ශ්‍රවණාගාරයේදී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.
ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබුණු රට සමාජ සුභසාධනය තහවුරු වුණු රටක් බවට පත්කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත්, ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වීම පිළිබඳව ජාත්‍යන්තරය පවා මවිතයට පත්වන බව අමාත්‍යවරයා කීවේය.
නීතිය සහ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් පිරිස් නව නීති ගෙන ඒමට එරෙහි වී කුඩා අරගල පවත්වමින් සිටින බවද බලය ඇති සමයේ මහජන මුදල් කොල්ලකෑ දූෂිත දේශපාලනඥයෝ වත්මන් ආණ්ඩුවට චෝදනා නැගීම හාස්‍යයට කරුණක් බවද කීවේය.
කමල් සුරවීර – මහනුවර
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:36
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:33
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:12
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
30-10-26
30-10-26