2026 නොවැම්බර් 13, පෙ.ව. 10:48
අනුරාධපුර පූජා භූමි සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ ඉල්ලීම පරිදි බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
“අනුරාධපුර පූජා භූමියේ මූලික සැලැස්මම මේක. හිටපු අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලපු දෙයක්. ඒ ඉල්ලපු දේ තමයි මේ කරන්න යන්නේ.
මේ වැඩසටහන අධීක්ෂණය හා මඟපෙන්වීම සඳහා වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ සම සභාපතිත්වයෙන් උපදේශන සභාවක් පිහිටුවලා තියෙනවා. ථූපාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක නායක ස්වාමීන් වහන්සේලා හතර නමකුත් එය නියෝජනය කරනවා.
අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේට නොදැන, ඒ ප්‍රදේශයේ අනෙකුත් නායක ස්වාමීන් වහන්සේලාට නොදැන කවුදෝ පිටින් ඇවිත් වාඩිවෙලා ඉන්නවා. මොනවද මේ විකාර? මේක තමයි අපේ රටේ ඓතිහාසික උරුමය.”
ජනාධිපති අනුර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (12) 2027 වසර සඳහා වන අයවැය කතාව යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
15 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් හේමරතන හිමි මේ වන විට ඇප ලබා ඇති අතර එම චෝදනාව නිසා අටමස්ථානාධිපති ධුරයෙන් පහ කෙරිණි. එම නඩුව යට ගැසීම නිසා ආණ්ඩුව බලපෑම් කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහට ඉල්ලා අස්වීමටද සිදුවිය.
2026 නොවැම්බර් 13, ප.ව. 1:17
2026 නොවැම්බර් 13, පෙ.ව. 11:38
2026 නොවැම්බර් 13, පෙ.ව. 9:28
2026 නොවැම්බර් 13, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 13, පෙ.ව. 12:18
13-11-26
13-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26