hit counter

2026 නොවැම්‍බර් මස 12 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 12, පෙ.ව. 12:16



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සම්බන්ධ බව කියන කටුනායක ගුවන්තොටුපොළේ ඩ්‍රෝන කැමරා තොගයක් රේගු භාරයට ගැනීමේ සිදුවීම දැඩි ලෙස විවේචනය කරමින්, ආණ්ඩු බලයක් නොමැතිව විපක්ෂයේ සිටියදීත් මෙලෙස භාණ්ඩ ගෙන්වීමට හැකියාවක් ඇත්නම් රාජ්‍ය බලය තිබූ යුගයේදී මොවුන් මොනවා ගෙන්වන්නට ඇත්දැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටියදී පවා නීතිය නොතකා ඩ්‍රෝන කැමරා හෝ වෙනත් ඕනෑම දෙයක් මෙරටට රැගෙන ඒමට ඇතැම් දේශපාලනඥයන්ට ශක්තියක් තිබීම අතිශය කනගාටුදායක කරුණක් බවයි.

“නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ වටපිටාවක් තුළ, දේශපාලන අධිකාරියේ බලපෑම් පාවිච්චි කරමින් රාජ්‍ය බලය අතැතිව සිටි වකවානුවලදී මොවුන් මොන මොන දේවල් මෙරටට ගේන්න නැද්ද?” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී, රැගෙන ඒමට උත්සාහ කළ බව කියන අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා කිහිපයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් රඳවාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: