2026 නොවැම්බර් 12, පෙ.ව. 12:09
අපේ ජීවිත කොයිතරම් නම් අවිනිශ්චිතද කියන දේ අපිට තේරෙන්නේ නොසිතූ මොහොතක අපිට ආදරේ කරන අය අපෙන් වෙන්වෙලා යද්දියි.
නයෝමි කියන්නේ අනුරාධපුරෙන් බිහිවුණු, දක්ෂතාවයෙන් සහ අධිෂ්ඨානයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් අපූරු තරුණියක්. හොඳට ඉගෙනගෙන ජපානයේ ඉහළ රැකියාවක් කළ ඇය, කාලයත් එක්ක ජපන් ජාතික තරුණයෙක් වන කේචන් සමඟින් ආදරයෙන් යුග දිවියට පිවිසුණා.
කේචන් කියන්නෙත් හරිම සුන්දර, ආදරණීය චරිතයක්. දෙන්නත් එක්ක හරිම ආදරෙන් ගෙවපු ඒ පුංචි පවුලට ලොකුම සතුට එකතු වුණේ නයෝමි මවක් වෙන්න යනවා කියන සුබ ආරංචියත් එක්කයි.
නමුත් ඒ සතුට වැඩි කාලයක් විඳින්න ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. දරුවා මෙලොවට බිහිවන ඒ උතුම් මොහොතේම, නයෝමිට තමන්ගේ ආදරණීය සැමියාවත්, අලුත උපන් පැටියවත් තනි කරලා සදාකාලිකවම නික්ම යන්න සිදු වුණා. අහිංසක කේචන්ට තමන්ගේ දරුවගේ ඉදිරි කිසිම උපන්දිනයක හදවතින්ම සතුටු වෙන්න ඉඩක් ඉතිරි වුණේ නැහැ. මොකද දරුවාගේ උපන්දින හැම එකක්ම එයාට මතක් කරන්නේ තමන්ගේ ආදරණීය බිරිඳගේ නික්ම යාම නිසයි.
නයෝමි තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමකට එකතු කරලා තිබුණු අවසාන පින්තූරයත් හරිම පුදුමාකාර එකක්.
“Pregnancy එකෙන් පස්සෙ අපි දෙන්න පළවෙනියට ගත්ත photo එක සහ අන්තිමේට ගත්ත photo එක…”
ඇය එදා ඒ පින්තූරයට සටහන් කරපු කැප්ෂන් එක පිටුපස මෙවන් ඛේදනීය අවසානයක්, නොසිතූ වෙන්වීමක් හැංගිලා තිබෙයි කියලා කවුරුවත්ම හිතන්න නැතුව ඇති. අන්තිමට ඇත්තටම ඒක ඇගේ ජීවිතයේ අවසාන පින්තූරයම බවට පත් වුණා.
2026 නොවැම්බර් 11, ප.ව. 12:03
2026 නොවැම්බර් 11, පෙ.ව. 9:43
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26