2026 නොවැම්බර් 23, පෙ.ව. 12:12
මෙරට ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ බද්ධ කරමින් ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය හඳුන්වා දුන් විශේෂිත ජංගම දුරකථන යෙදවුම තවදුරටත් පුළුල් කර නවීකරණය කිරීමට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහසක් (බිලියනයක්) වෙන් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.
පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
නූතන සමාජයේ සෑම පුරවැසියෙකුගේම දෛනික ජීවිතය ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ ටැබ් වැනි ඩිජිටල් උපකරණ සමඟ අනුලංඝනීය ලෙස බැඳී පැවතුණද, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය වෙත එවැනි දියුණු තාක්ෂණික මෙවලම් නිසි පරිදි මෙතෙක් ළඟා වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ධීවරයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නව තාක්ෂණික යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගත් බව සිහිපත් කළ ඒ මහතා, එම පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කරමින් ගැඹුරු මුහුදේ පවතින සංවේදී කාලගුණික තොරතුරු සහ සාගර සම්පත් පිළිබඳ දත්ත ධීවරයින් වෙත කඩිනමින් සැපයීම සඳහා 2026 වසරේ අයවැය මඟින් රුපියල් බිලියනයක මුදලක් වෙන්කර ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:17