2026 නොවැම්බර් 26, පෙ.ව. 12:13
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමක් සිදු කර නොමැති බවට එල්ල වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාසවලට අදාළ වැටුප් පත්‍රිකා සංසන්දනය කර බලන ලෙස කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වැටුප් වැඩි කිරීමක් සිදු නොවූ බවට යම් රාජ්‍ය සේවකයෙකු චෝදනා කරන්නේ නම්, එළඹෙන දෙසැම්බර් මාසයේදී අතට ලැබෙන වැටුප් පත සහ ඊළඟට ලැබෙන ජනවාරි මාසයේ වැටුප් පත පරීක්ෂා කර බැලිය යුතු බවයි.
දෙසැම්බර් මාසයේ වැටුපට සාපේක්ෂව ජනවාරි මාසයේ වැටුප් පතෙහි කෙතරම් වෙනසක් සිදුව ඇත්දැයි එමඟින් රාජ්‍ය සේවකයින්ටම ප්‍රායෝගිකව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 නොවැම්බර් 26, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 26, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 26, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 26, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 26, පෙ.ව. 12:12
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26
24-11-26