hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 3:13



ගලබොඩ දිය ඇල්ල නැරඹිමට සිය පෙම්වතා හා ගිය තරුණියක් සැඩ පහරට හසුව අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වන යාලේගම ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

තම පෙම්වතියගේ අතුරුදන් වීම පිළිබඳව ප්‍රකාශ කළ තරුණයා ප්‍රකාශ කර ඇත්තේ දිය ඇල්ලේ ජල පහර එක්වර ම වැඩිවීමත් සමඟ තම පෙම්වතිය ඊට ඇදවැටුණු බවයි.

අතුරුදන්වූ තරුණිය සොයා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.