hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 3:20



එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු මෙලෙස අතුරුදන් වී ඇතැයි වාර්තා වන්නේ.

ජූඩෝ ක්‍රීඩිකාව, අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ ‘මට සමාවෙන්න’ යනුවෙන් සිය යහළුවන්ට කෙටි පණිවිඩ‍යක් ද එවා ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව, ඔවුන්ගේ අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වහ ම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.