2022 අගෝස්‍තු 11, ප.ව. 5:00
එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්රැම් 55 බර පංතිය යටතේ තරග කර එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් වයි.ඩී.ඉසුරු කුමාර ක්‍රීඩකයා එම පදක්කම ද රැගෙන අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
අද (11) උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.
ඉසුරු කුමාර පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා.
එයට සහභාගී වීම සදහා ඉසුරු කුමාර ක්‍රීඩකයාගේ සොහොයුරා, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ආර්. බණ්ඩාර සහ ශ්‍රී ලංකා යුධ හමුදා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් ශ්‍රීනාත් ගාල්ලගේ ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.
ඉසුරු කුමාර කටුනායක ගුවන් තොටුපළේ දී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා යුධ හමුදාවටත් , ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයටත් සිය ස්තූතිය පළ කළ අතර අනාගතයේ දී තම මව්බිමට ඔලිම්පික් පදක්කමක් මෙම ඉසව්වෙන් රැගෙන ඒම තම අරමුණ බව ද පැවසුවා.





කටුනායක – ටී.කේ.ජී.කපිල
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49