hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 10:11



Taimur යුධ නෞව සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණේ අද (12) උදෑසනයි.

නාවික හමුදාව සම්ප්‍රදානුකූලව මෙරට නාවික හමුදාව Taimur නෞකාව පිලිගත්තා.

Taimur යුධ නෞකාව දිගින් මීටර් 134ක් වන අතර 169ක නැව් මුළුවකින් සමන්විතයි.

එහි අණදෙන නිලධාරී කපිතාන් එම්.යසීර් තාහීර් මහතා කටයුතු කරනවා.

Taimur නෞකාව ලබන 15 වැනිදා දක්වා මෙරට තුල රැදී සිටින අතර එම කාලසීමාව තුළ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කරගැනීම සඳහා සංවිධානය කළ විවිධ වැඩසටහන්වලට වැඩසටහන්වලට සහභාගි වීමට නියමිතයි.

නාවික හමුදාව නිවේදනය කළේ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමට ද නියමිත බවයි.

පාකිස්තානයේ කරච්චි බලායන ගමනේ Taimur නෞකාව මැලේසියාවේ සහ කාම්බෝජයේදී ද ඒකාබද්ධ අභ්‍යාස වලට සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර Taimur යුද නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානයක් යොමුකර තිබුණා.

බංග්ලාදේශය මෙම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එය කොළඹට පැමිණියේ ඉන් අනතුරුවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පාකිස්ථානයට අයත් මෙවැනිම යුධ නෞකාවක් වන Tughril නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

එම නෞකාව සහ මෙරට නාවික හමුදාවට අයත් සිදුරද නෞකාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2021 වසරේ දෙසැම්බර් 16 වනදා බටහිර නාවික විධානයට අයත් මුහුදු කලාපයේ පැවැත්වූවා.