hit counter

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2022 අගෝස්‍තු 29, පෙ.ව. 11:47



මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට සමාගම් 24ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල්වල සමාගම් මෙලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විසින් පත් කරන ලද කමිටුව අදාළ යෝජනා ඇගයීමට ලක් කර සති 6කින් මෙම ක්‍රියාවලිය අවසන් කරනු ඇති බව විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩදුරටත් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: