hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 6:24



ශ්‍රි ලංකන් ගුවන් සමාගම විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 89ක මුදලක් ගෙවීමට ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වෙනවා.

මෙය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය තත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකොට ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට තෙල් සංස්ථාව විසින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන නොදීම නිසා අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීමට ගුවන් සමාගමට සිදු වී තිබෙනවා.

මෙම වර්ෂයේ මාර්තු මස 31 වැනි දින වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මෙම මුදලද ඇතුළුව වෙළද ණයහිමියන් වෙත ගෙවිය යුතු සමස්ත මුදල රුපියල් බිලියන 183ක් බවද එම වාර්තාවේ සදහන් වෙනවා.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම 2021/2022 මූල්‍ය වර්ෂය තුල රුපියල් බිලියන 171ක පාඩුවක්  ලබා තිබෙනවා.

පසුගිය කාලය තුල ගුවන් සමාගම විසින් මෙම අලාභය මූල්‍යකරණය කර ගැනීම සදහා බැංකු ණය ලබා ගැනීම හා සැපයුම්කරුවන්ට කළ ගෙවිම් කල්දැමිම වැනි උපක්‍රම භාවිතා කරනු ලැබූ බවද වාර්තා වෙනවා. 

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: