2022 මාර්තු 16, ප.ව. 4:09
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරග 2 කින් යුත් තරඟාවලිය අවසන් වූනේ ඉන්දියාවට එම තරග 2 ම ජය ගනිමින්.
එහෙත් එම ටෙස්ට් තරගාවලියේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණක් තිබුණා.
ටෙස්ට් තරඟ දෙක
දින පහක් පැවැත්වෙන ඒ ටෙස්ට් තරග දෙකේදිම දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාව පරාජය වීමයි.
මේ නිසා ටෙස්ට් තරගයේ ඉතිරි දින දෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට විවේකයෙන් ගත කිරීමට අවස්ථාව ලැබුණා.
මොහාලීහි පැවති ටෙස්ට් තරගය දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වුණේ ඉනිමකින් සහ ලකුණු 222 කින්.
අන්ත පරාජය
ඉන්පසුව බෙන්ග්ලරැ නගරයේ පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව දින තුනක් ඇතුළත ඉන්දියාවට පරාජය වූයේ ලකුණු 238 කින්.
ඒ අනුව තරග දෙකම ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජයන් ලෙස හැඳින්වීමට පිළිවන්.
ලෝක ටෙස්ට් ශූරතාවලිය තරඟ ලෙස පැවැත්වුණු මෙම ටෙස්ට් තරග දෙක ජයග්‍රහණය කිරීම නිසා ඉන්දියාවට ලකුණු 24 ක් ලැබී තිබෙන අතර ශ්‍රී ලංකාවට එකදු ලකුණක්වත් ලැබී නැහැ.
දෙරට අතර ටෙස්ට් තරගාවලිය අද (14) අවසන් වුණා.
2026 ජනවාරි 30, පෙ.ව. 8:47
2026 ජනවාරි 29, ප.ව. 11:17
2026 ජනවාරි 29, පෙ.ව. 8:17
2026 ජනවාරි 28, පෙ.ව. 9:15
2026 ජනවාරි 27, ප.ව. 2:02