2022 සැප්තැම්බර් 15, ප.ව. 4:43
කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවා.
නායකයෙක් හැටියට ක්‍රීඩකයෙක්ට ලබා දිය හැකි උපරිම දේ විශ්වාසය බව ද ඔහු සඳහන් කළා.
ඔහු මෙම අදහස් පළ කළේ අද (15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළා.
“ටීම් එකේ එක නමක් කියලා කවුරුවත් වෙනම ඉන්න හදන්නේ නෑ. IPL ක්‍රීඩා කරලා තියෙනවා හසරංග, චාමික, භානුක, ඒ වගේම අනිත් ලීග්ස් ඔක්කොම ක්‍රීඩා කරනවා. එතකොට එහෙම ගැහුවා කියලා කවුරුත් “මං පොර” කියන තැන ඉන්නේ නෑ. හැමෝම එක ලෙවල් එකට බැහැලා, ටීම් එකේ හැමෝම එක මට්ටමින් හිතන තැන ඉන්නේ. මම හිතන්නේ ඒක මාර උදව්වක්, වනිඳු පොඩි කෙනෙක් ට ගිහිල්ලා මොනවා හරි උපදෙසක් දුන්නම ඒක ගොඩක් වෙලාවට ඇප්ලයි කරනවා, ඒ වගේම අනිත් ක්‍රීඩකයෝ දෙන ඒවත් අහලා ඒ වෙලාවට තීරණය කරනවා මොකක්ද කරන්න ඕන හරි දේ කියලා. ඒක හින්දා තමයි මම හිතන්නේ මට ලේසි වෙන්නේ කණ්ඩායම මෙහෙයවන්න. මට තනියම ක්‍රෙඩිට් එක ගන්න බෑ කොයිම වෙලාවකවත්. කණ්ඩායම විදියට ඒ කණ්ඩායමේ ඉන්න හැමෝම, හැම සාමාජිකයෙක්ටම ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ඒකයි විශේෂත්වය කණ්ඩායමේ තියෙන.”
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:24
2024 දෙසැම්බර් 19, පෙ.ව. 8:32
2024 දෙසැම්බර් 17, ප.ව. 11:21
2024 දෙසැම්බර් 16, පෙ.ව. 9:17
2024 දෙසැම්බර් 16, පෙ.ව. 8:39