hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 1:54



කැළණි, කළු ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යාම නිසා ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙළ, බියගම, කොළන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකියි.

කළු ගගේ ජලමට්ටම් ඉහළ යාම හේතුවෙන් පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්
ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

එසේම අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා – ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් වල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ.