hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 2:33



ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමි කරගෙන තිබෙනවා. ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියා.

ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් තවදුරටත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ රැඳී සි‌ටිනවා.

එසේම වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලද 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.