2022 දෙසැම්‍බර් 05, ප.ව. 6:30
රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ පනහක මුදලක් “තාරුණ්‍යට හෙටක්” සංවිධානයට ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා.
එම නඩුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ විභාගයට ගැනුණා.
අදාළ නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී නඩුව අවසන් කරන බව පැමිණිල්ල දන්වා සිටියා.
පැමිණිල්ලේ නඩුව අවසන් කරන්නේ නම් විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පැමිණිල්ල මෙතෙක් කැඳවූ සාක්ෂි අනුව පැමිණිල්ලේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ලට හැකියාවක් ලැබී නොමැති බැවින් විත්තිකරුවන් මුදාහරින ලෙස එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා, එම කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මික පෙරේරා, හා තාරුණ්‍ය හෙටක් සංවිධානයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ජොනී ඉබ්‍රහිම් යන අය නම් කර තිබෙනවා.
2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:10
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05
30-12-25
30-12-25
29-12-25
29-12-25
21-12-25
21-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25
10-12-25
10-12-25
02-12-25
02-12-25
29-11-25
29-11-25
28-11-25
28-11-25
25-11-25
25-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25