2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:41
2023 අයවැය ඊයේ (08) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණයි.
සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.
පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනෙන් ඉල්ලා සිටියා. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවයි.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ(08) දවස පුරා පැවැත්වුණා. අයවැය විවාදය පස්වරු 6.50 ට පමණ අවසන් වූ අතර අවසාන ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබුවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
30-06-25
29-06-25
29-06-25
28-06-25
28-06-25