hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 8:43



2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

ඒ දඬුවම් පහර 4-2ක් ලෙසින්.

පළමු අර්ධය අවසන් වනවිට ආර්ජන්ටිනා කණ්ඩායම පෙරමුණේ පසුවූයේ 2-0ක් ලෙසටයි.

කෙසේ වෙතත් ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තියුණු තරගයක් ලබා දෙමින් දෙවන අර්ධය ආරම්භ වීමත් සමග ගෝල දෙකක් වාර්තා කරමින් තරගය සම තත්වයට ගෙන අවා.

පසුව තරගයට ඉතා තියුණු තරගකාරිත්වයක් ලබා දෙමින් අතිරේක කාලය තුල දී කණ්ඩායම් දෙකම එක ගෝලය බැගින් ලබාගෙන ගෝල 03 බැගින් වාර්තා කරමින් තරගය සම තත්වයට ගෙන ආ නමුත්, අවසානයේ ජයග්‍රහණ ලබා දීමට දඬුවම් පහර උපයෝගී කර ගත්තා.

ඒ අනුවයි දඬුවම් පහර 4-2ක් ලෙසින් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායමට ජය ලබා ගත හැකි වූයේ.

ආර්ජන්ටිනා කණ්ඩායම ලබා ගත තුන්වන පාපන්දු ලෝක කුසලානය මෙය වනවා.