hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2023 ජනවාරි 17, පෙ.ව. 7:21



ගෝනගංආර පොලිස් වසමට අයත් 16 කණුව රජමාවත පදිංචිව 15 හැවිරිදි දැරියක් ස්මාර්ට් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මව සමඟ අමනාප වී නිවසෙන් අතුරුදන්ව තිබෙනවා.

දැරියගේ මව විසින් දැරිය අතුරුදන්ව ඇති බවට ගෝනගංආර පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මෙම දැරිය නිවසෙන් පිටව ගොස් අසල වන ලැහැබක රාත්‍රිය ගතකොට පසුදින නිවසට පැමිණ ඇති බව පොලීසිය පවසනවා.

දැරියට කිසිදු හිරිහැරයක් සිදුවී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ගෝනගංආර පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.