hit counter

2025 ජනවාරි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 17, ප.ව. 5:06



කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පැවසුවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියක්.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී තිබෙනවා.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම තරුණියගේ ගෙළ ප්‍රදේශයේ කිසියම් කැපුම් තුවාලයක් දක්නට තිබී ඇති අතර රෝහල්ගත කළ තරුණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්  පවසා ඇත්තේ, ඇය මියගොස් ඇති බවයි.

තරුණිය වැටී සිටි ස්ථානයේ තිබී අත් බෑගයක් සහ ජංගම දුරකතනයක් හමුවී ඇති බව ද පොලිසිය පැවසුවා.

සිද්ධියට සම්බන්ධ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය ළඟ තිබී හමු වූ ජංගම දුරකතනය හා අවට ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කොට පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

කෙසේවෙතත් මේ වන විට සිසුවියට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන ඇයගේ පෙම්වතා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ