2023 ජනවාරි 23, පෙ.ව. 2:43
            
කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ එහි උප සභාපති ප්‍රින්ස් ගුණසේකර මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට නාමයෝජනා භාර දී තිබෙනවා.
කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වසර 30 කට ආසන්න කාලයක් අපරාජිත මන්ත්‍රීවරයෙක් වන ප්‍රින්ස් ගුණසේකර මහතා සමග එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජිත රත්නායක මහතා ද ස්වාධීන කණ්ඩායමෙන් තරග කිරීමටයි තීරණය කර ඇත්තේ.
එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 6 ක් මෙවර මැතිවරණයේදී එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.
මේ අතර මහරගම නගර සභාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ස්වාධීන කණ්ඩායමකින් හෝ නිදහස් ජනතා සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු 07 දෙනකු මෙවර ගාල්ල මහනගර සභාව සඳහා එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.එස්.ඒ. රත්නපාල, සුසන්ත කරුණාරත්න, පාලිත බමුණුකුල, සුගත් ද සිල්වා, නිහාල් මහවිතාන, එම්. ඊයාස් යන මන්ත්‍රිවරු හා මාලා මංගලිකා මන්ත්‍රීවරිය එක්සත් මහජන පක්ෂයෙන් නාම යෝජනා භාරදී ඇතැයි වාර්තා වනවා.
ගාල්ල මහනගර සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු 13 දෙනෙකු තේරී පත් වුණා. එම මන්ත්‍රීවරු අතරින් කැළුම සෙනෙවිරත්න හා පරාක්‍රම දහනායක මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් වී නොමැති අතර, චන්දනලාල් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් සහ ශ්‍රියාණි අබේගුණසේකර සහ නදීකා යන මන්ත්‍රීවරියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරනු ඇති.
මෙවර ගාල්ල මහනගර සභාව සදහා පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාම යෝජනා පත්‍ර 11ක් භාර දී තිබුණා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
16-10-25
                                            16-10-25
14-10-25
                                            14-10-25
14-10-25
                                            14-10-25
04-10-25
                                            04-10-25
19-09-25
                                            19-09-25
14-09-25
                                            14-09-25
12-09-25
                                            12-09-25
11-09-25
                                            11-09-25
07-09-25
                                            07-09-25
26-08-25
                                            26-08-25
24-08-25
                                            24-08-25
19-08-25
                                            19-08-25