2022 මැයි 09, පෙ.ව. 10:05
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (08) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගෙන අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහා සෑය අභියස ආගමික වතාවත්වල ද නිරත වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තා.
ඓතිහාසික මිරසවැටිය විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
එම අවස්ථාවේ පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමග අග්‍රාමාත්‍යවරයා සුහඳ කතාබහක ද නිරත වුණා.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමට එරෙහිව සහ පාලනයට විරුද්ධව අටමස්ථානය ඉදිරිපිට දී අද ජන විරෝධතාවක් පැවැත්වුණා.
අගමැතිවරයා ගමන් මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වන අවස්ථාවේ දී එහි පැමිණ සිටි එක් තරුණයෙකු අගමැතිවරයාගෙන් විමසා සිටියේ හෙට (09) දිනයේ දී සුබ පණිවිඩයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
එමෙන්ම එම තරුණයා තවදුරටත් කියා සිටියේ, අගමැතිවරයා හට ”දැන් ඇති..” යන වගයි.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය අටමස්ථානයෙන් පිටව යද්දී, රැස්ව සිටි විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ ”හූ” හඬ පළ කරමින්.
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:26
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:17