2023 පෙබරවාරි 02, පෙ.ව. 5:42
දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කළ තම බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට යාපනයට පැමිණි ස්වාමිපුරුෂයෙකු රෝහලේ සිට නිවසට පැමිණෙමින් සිටියදී රිය අනතුරකට ලක්ව 30 දා මියගොස් තිබෙනවා.
ෂන්මුගම් ප්‍රකාෂ් නමැති මොහු මීට වසර එකහමාරකට ඉහතදී විවාහ වී ඇති අතර බිරිඳ ප්‍රංශයට ගෙන්වා ගන්නාතුරු ඔහු ප්‍රංශයේ පදිංචිව සිට තිබෙනවා.
දරු ප්‍රසූතිය සඳහා බිරිඳ රෝහල් ගත කොට ඇති බව දැන ගැනීමෙන් පසුව ඔහු යාපනයට පැමිණ චාවකච්චේරී රෝහලේ සිටි බිරිඳ බලා ආපසු නිවසට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීමෙන් ඔහු මරුමුවට පත්ව තිබෙනවා.
අනතුරට පත් වූ අනෙක් යතුරුපැදිය පැද වූ තැනැත්තාද බරපතළ තුවාල ලබා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබෙනවා.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26