hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 06, පෙ.ව. 7:45



කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ (05) රාත්‍රියේ වීදි සංචාරය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළා.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරුණා.

ගංගාරාම නවම් පෙරහර අද දිනයේද වීදි සංචාරය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: