hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මාර්තු 20, පෙ.ව. 8:38



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: