hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:11



අපේ රට ආසි­යාවේ බල­වත් රාජ්‍ය­යක් හැටි­යට ඉදි­රි­යට යෑමට නම් සිය­ලුම දේශ­පා­ලන පක්ෂ සහ පක්ෂ නාය­ක­යන් එකතු විය යුතු බවත් මේ වන විට එය සිදු­වෙ­මින් පව­තින බවත් එක්සත් ජාතික පක්ෂයේ සභා­පති වජිර අබේ­ව­ර්ධන මහතා පව­සයි.

ගාල්ල, උළු­වි­ටිකේ ප්‍රදේ­ශ­යේදී පැවති එක්සත් ජාතික පක්ෂ රැස්වී­ම­කදී ඒ මහතා මේ බව කීවේය. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“රනිල් වික්‍ර­ම­සිංහ මහතා ශල්‍ය­ක­ර්ම­යට භාජ­න කරන්න ප්‍රථම දේශ­පා­ලන පක්ෂ රැසක් සමඟ සාකච්ඡා කර­මින් සිටියා. එතුමා තම සෞඛ්‍ය තත්ත්වය යහ­ප­ත් ව­න­තුරු ජී.එල්. පීරිස් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඒකා­බද්ධ විප­ක්ෂය සමඟ සාකච්ඡා කර­මින් ඉදි­රි­යට යමින් තිබෙ­නවා. මේ සියලු දේශ­පා­ලන පක්ෂ එකතු විය යුතුයි. ශ්‍රී ලංකා­වට හොඳ අනා­ග­ත­යක් අව­ශ්‍යයි. ශ්‍රී ලංකා­වට යා හැකි උප­රිම දුර මේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන් ගිහින් තිබෙ­නවා. මෙතැ­නින් එහාට ආසි­යාවේ බල­වත් රාජ්‍ය­යක් හැටි­යට ඉදි­රි­යට යන්න නම් සිය­ලුම දේශ­පා­ලන පක්ෂ එක්ව ක්‍රියා කළ යුතුව තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ නාය­ක­තු­මාත් අනෙක් සිය­ලුම පක්ෂ නාය­ක­ය­නුත් මේ වෙලාවේ පැහැ­දි­ලි­වම එකතු වෙනවා.

ඩෙංගු මර්ද­නය කරන්න රජ­යට නොහැකි වී තිබෙ­නවා. ඒ නිසා තමයි රනිල් වික්‍ර­ම­සිංහ නාය­ක­තුමා බෝඩ්කා­ර­යන්ට රට භාර දෙන්න එපා කිව්වේ. මොනව කරන්න ද මහ­ජ­නයා භාර දුන්නා. ඉතින් මදු­රු­වෙ­ක්වත් පාල­නය කර­ගන්න බැරි තත්ත්ව­යට රට පත්වෙලා තියෙ­නවා.

මුළු රට­ටම අස්වැ­සුම ලබා­දෙන්න ඕන අව­ස්ථා­වක් උදා­වෙලා තියෙන්නේ. කිසිම කෙන­කුට හුස්ම ගන්න බැරිව හිර­වෙලා තිබෙන අව­ස්ථා­වක්. ලෝක වෙ‍ෙළ­ඳ­පොළේ තෙල් මිල අඩු වුණාම රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැති කාලේ මිල සූත්‍ර­යක් හඳුන්වා දුන්නා. ලෝකයේ තෙල් මිල වැඩි වෙන විට වැඩි වෙන්නත් අඩු­වන විට අඩු වෙන්නත් ලෝකයේ තෙල් මිල වැඩි­වෙලා තිබෙන අව­ස්ථාවේ වැඩි කර­න්නත් අඩු අව­ස්ථාවේ අඩු කර­න්නත් පුළු­වන්. මේක මේ ළම­යින්ට තේරුණේ නැහැ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ක්‍රියා­ත්මක වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වෙන්නේ නැහැ. එය ශ්‍රී ලාංකික මහ­ජ­න­තාව තේරු­ම්ගත යුතුව තිබෙ­නවා. රනිල් භාර­ගත්ත වැඩ­ස­ට­හන අනුව නම් 2025 දෙසැ­ම්බර් 31 රනිල් වික්‍ර­ම­සිංහ මහතා නම් රට පාල­නය කළා­නම් ඩොලර් බිලි­යන 8.5 ඉලක්ක සම්පූර්ණ කර ගන්නවා. මේ අවු­රුද්ද අව­සන් වන විට රට පාල­නය කළා නම් ඩොලර් බිලි­යන 10.5ක ඉල­ක්කය සම්පූර්ණ කර­නවා. ඒ සඳහා එතුමා ආර්ථික සංව­ර්ධන පනත ගෙනාවා. ජාත්‍ය­න්තර වෙ‍ෙළ­ඳාම කරන අයුරු එහි සඳ­හන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: