hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 06, ප.ව. 5:43



රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මෙන්ම රටේ අධ්‍යාත්මය හැඩ ගස්වන බුදු දහමද අනතුරකට මුහුණ දී ඇති බවට සැකයක් සමාජය තැතිගැන්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳ නඩු තීන්දුවෙන් අධිකරණය එහිමියන් සිරගත කිරීමට නියෝග කර නැති අතර නැවත සමාව දිය හැකි ආකාරය පෙන්වා තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ගිහි ඇඳුම් අන්දා සංදර්ශන පවත්වා සතුටු කිරීමට උත්සාහ කරන්නේ කවුදැයි දිලිත් ජයවීර ප්‍රශ්න කරයි.

මේ නිසා බොහෝ ජනතාව මහත් ආතතියට සහ කම්පනයට පත්ව ඇතැයිද මෙවැනි තත්ත්යක් තුළ කිසිම ආණ්ඩුවටකට රට ඉදිරියට ගෙන යා නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

අද (06) පාර්ලිමේන්තුව අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: