2023 අප්‍රේල් 19, පෙ.ව. 8:33
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේවන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ කණ්ඩායම ඒ අතර ප්‍රධාන වන අතර අනෙක් කණ්ඩායම වන්නේ ජනාධිපතිවරයා සමග ගමනක් යාම සුදුසු බව කියන කණ්ඩායමයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරු ප්‍රකාශ කර ඇත්තේ පොසොන් පොහොයට පෙර පොහොට්ටුව විපක්ෂයට යාමට සූදානම් බවයි.
මේ අතර ජාතික ලැයිස්තුවෙන් බැසිල් රාජපක්ෂ යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් බව වාර්තා වනවා.
කෙසේ වෙතත් පොහොට්ටුව විපක්ෂයට යාම සම්බන්ධයෙන් සැලසුමක් පවතින බව එම ආරංචි මාර්ග පවසනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
11-07-25
11-07-25
11-07-25
11-07-25
08-07-25
08-07-25
06-07-25
06-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25