hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 28, පෙ.ව. 11:18



අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත් වුණා.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 50ක් දවාගැනීමට වැයකර ඇත්තේ ටෙස්ට් තරග 7ක් පමණයි.

මේ අතර එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය මෙම කඩුලු 50 දවාගැනීමට සමත් වුණා.

ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් සමත්වීම විශේෂත්වයක්.