2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ බෙල්ජියමේ Brusselsහිදී පැවැති අවසන් අදිරයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගන්නට ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.
ඒ මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින්.
මේ සමග මෙවර තරගාවලියේ සමස්ත හෙල්ල විසිකිරිමේ ශූරතාව දිනා ගන්නට ද රුමේෂ්ට හැකියාව ලැබුණා.
ඒ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ඉතිහාසයේ එක් ඉසව්වක සමස්ත ශූරතාව හිමිකර ගත් පළමු සහ එකම ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා බවට පත් වෙමින්.
ඒ මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලි 5ක හෙල්ල විසිකිරීමේ ශූරයා බවට පත් වෙමින්.
ලොව අංක එකේ හෙල්ල විසිකිරිමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග මෙවර තරගාවලියේදී Doha, Rome, Lausanne Zurich and Brussels තරගාවලි ජය ගන්නට සමත් වුණා.


2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 9:51
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:22