hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 මැයි 25, ප.ව. 12:42



යුපුන් අබේකෝන් ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනිස්ථානය දිනා ගෙන තිබෙනවා.

එහි පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ මූලික වටයේදී යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගත්තේ තත්ත්පර 10යි දශම 0යි 4ක කාලයක් සටහන් කරමින්.

ඒ අනුව ඔහු අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

අවසන් තරගයේදී ද යුපුන් අබේකෝන් දෙවැනිස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

ඔහු එහිදී දැක් වූ දක්ෂතාවය සටහන් වූයේ, තත්ත්පර 10යි දශම 0යි 1ක් ලෙසයි.

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්ත්පර 9යි දශම 9යි 4ක කාලයකින් තරගය අවසන් කළ එංගලන්තයේ රීස් ප්‍රෙස්කොඩ්යි.