hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 මැයි 16, පෙ.ව. 6:27



මැයි 9 වනදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කුපිතවූවන් මහජන නියෝජිතයන්ට අයත් නිවාස ඇතුළු තවත් දේපළ රැසක් ගිනි තබා විනාශ කළා.

මේ අතර වීරකැටිය කාල්ටන් වත්ත නිවසේ සිටි සුරතල් බලු පැටවුන් අතුරුදන් වීම පිලිබඳ ලද තොරතුරක් මත වීරකැටිය පොලීසිය සිදු කළ විමර්ශන වලදී වීරකැටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයෙකුගේ නිවසේ සිටියදී එක් බලු පැටවෙකු සොයා ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ 21 හැවිරිදි දියණිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.