hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 ජූනි 12, පෙ.ව. 12:33



වසර 20කට පසු පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කාමර බෙදා ගැනීමට සිදුව තිබෙනවා.

එසේම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සිම්බාබ්වේ ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝටල් ලොබියේ පැය 3ක් රැඳී සිටීමට සිදුව තිබෙනවා.

ඒ හෝටලයේ නවාතැන් පහසුකම් සැපයීම ප්‍රමාද වීම හේතුවෙන්.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, ක්‍රිකට් කණ්ඩායම නියමිත වේලාවට පෙර හෝටල් පරිශ්‍රයට පැමිණ ඇති බවත්, ඒ වනවිට කාමර පහසුකම් නිසි පරිදි සූදානම් කර නොතිබීමෙන් අපහසුතාවයක් හටගෙන ඇති බවයි.

Gallery
Gallery
Gallery